MH370 එදාමෙදා තුර මුහුණදුන් අභියෝගාත්මකම මෙහෙයුමයි -මෙ ප්‍රධානී
පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු MH370 යානය සොයා සිදුකරන මෙහෙයුම එදාමෙදා තුර මුහුණදුන් අතිශය අභියෝගාත්මකම මෙහෙයුමක් බව එහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ප්‍රධානියා පවසයි.
එයාර් චීෆ් මාර්ෂල් අන්ගස් හවුස්ටන් පෙන්වා දෙන්නේ යානය සොයා සිදුකරන මෙහෙයුම් තවත් සති ගණනක් පුරා සිදුවනු ඇති බවයි.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං වෙත පියාසර කරමින් සිටියදී පසුගිය මාර්තු 08 වැනිදා MH370 යානය අතුරුදන් විය.
එදා සිට මේ දක්වාම යානය සොයා ලොව රටවල් රැසක් සෝදිසි මෙහෙයුම් සිදුකළ අතර, මේ වනවිට එම මෙහෙයුම් දකුණුදිග ඉන්දීය සාගර කලාපයට සීමා වී ඇත. ඒ අනුව, අද දිනයේදීත් සොදිසි මෙහෙයුම් කණ්ඩායම් දකුණුදිග ඉන්දියානු සාගර කලාපය පීරමින් ගුවන් යානයේ බවට සැකකළ හැකි කවර හෝ හෝඩුවාවක් ලබාගැනීමේ අඛණ්ඩ උත්සාහයේ නිරත විය.
මේ අතර, යානය අතුරුදන් වීම දක්වා එය ක්වාලාලම්පූර් නුවර ප්‍රධාන ගුවන්ගමන් පාලන මධ්‍යස්ථානය අතර සිදුවූ සම්පූර්ණ පණිවුඩ හුවමාරුව මැලේසියානු බලධාරීන් විසින් නිකුත් කරන ලදී. එය නිරීක්ෂණය කිරීමේදී යානය තුළ කිසිදු ආකාරයක අස්වාභාවික තත්ත්වයක් වටහාගත නොහැකි වූ බවද ඔවුන් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
