එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශ නායිකාවක ලෙස කලක් සේවය කළ තමිලිනී නොහොත් නඩරාජා ශිවහාමි (අවු.43) මහරගම පිළිකා රෝහලේදී අද (18දා) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
කිලිනොච්චි, පරත්තන් ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක වූ ඇය අක්මාවේ පැවති දරුණු පිළිකාවකින් පීඩා විඳි බව වෛද්‍යවරු සඳහන් කරති.
යුද්ධය නිමාවීමෙන් අනතුරුව ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ තමිලිනී 2014 දී පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය ලබා සමාජගත විය.