කේ.පී. ට නිදහසේ සිටිය හැකි නම් බන්ධනාගාරවල සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට නිදහස ලබාදීමේ ප්රශ්නයක් නැති බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්රකාශ කළේය.
පැලවත්තේ පිහිටි එම පක්ෂයේ ප්රධාන කාර්යාලයේදී අද (14දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.
"කේ.පී.ට එළියේ ඉන්න හොඳ නම් එල්.ටී.ටී.ඊ. එකේ හාල්මැස්සෝ අල්ලගෙන වැඩක් නෑ. ඒ නිසා ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි කියන මතයේ මම ඉන්නවා"