එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත යුරෝපා සංගමය විසින් පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට එම සංගමයේ අධිකරණය තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මෙසේ එම සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කළද, එල්.ටී.ටී.ඊ්.යට අයත්ව තිබූ වත්කම් ඒ ආකාරයෙන්ම රාජ සන්තක කර තැබෙනු ඇති බවද එම අධිකරණය පවසා සිටියි.
මේ අතර, යුරෝපා සංගමය විසින් ක්රියාත්මක කරන ත්රස්තවිරෝධී නීතිය යටතේ එල්.ටී.ටී.ඊ.ය ඉන් ඉවත් කර ඇති බවට වන කාරණය ප්රතික්ෂේප කිරීමටද අධිකරණය මෙහිදී පියවර ගෙන තිබේ.