ජිනීවා නුවරලබන මාර්තු මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකළ යුද අපරාධ රැගත් වාර්තාවක් ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා 'අද'ට පැවසීය.
ශ්‍රී ලංකා හමුදාවන් විසින් යුද අපරාධ කළ බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මානව හිමිකම් කොමිසමට අසත්‍ය කරුණු ඉදිරිපත් කර තිබෙන බව පැවසූ වීරසේකර මහතා, එම කරුණුවලට පිළිතුරු වශයෙන් යුද සමයේදී හමුදාව විසින් අනුගමනය කරනු ලැබූ මානුෂික කාර්යභාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවද පවසා සිටියේය.
මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහා තමන් මේ දිනවල අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බැවින් වීසා ලබානොදීම ඇතුළුව එම ගමන කඩාකප්පල් කිරීම සඳහා විවිධ බලවේග ක්රියාත්මකවීඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මානව හිමිකම් සමුළුවේ රණවිරුවන්ගේ පාර්ශ්වය නියෝජනය නොවන නිසා මංගල සමරවීර ඇමතිවරයා සහ සෙයිඩ් අල්හුසේන් මහතා රණවිරුවන් යුද අපරාධ කළ බවට චෝදනා එල්ලකරමින් සිටින බවත්, මෙම පසුබිම තුළරණවිරුවන්ගේ නියෝජනයක් සිදුවිය යුතු අතර,එම කාර්යය තමන් විසින් සිදුකරන බවත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
“අරන්තලාවේ භික්ෂු ඝාතනය,ශ්‍රී මහාබෝධියට පහරදීම ඇතුළුව විවිධ ස්ථානවල බෝම්බ පුපුරුවා මහජනතාව ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානය කටයුතු කළ ආකාරය අපි හැමෝම දන්නවා. එම සියලු තොරතුරු අපි ළඟ තිබෙනවා. නමුත් රණවිරුවන් යුද අපරාධ කළ බව පැවසෙන චෝදනාවට පිළිතුරු ලබාදීමට මානව හිමිකම් සමුළුවට කිසිවෙකු ඉදිරිපත් වී නැහැ.දෙමළ මිනිස්සුන්ට යවන කෑම බීම අපි නැවැත්තුවාකියන චෝදනාව එක යුද අපරාධයක් විදියට අපිට එල්ල වෙනවා.
නමුත් ආහාර ටොන් දහස් ගණනක් උතුරට යැවු විස්තර අපි ගාව තිබෙනවා.ඇමෙරිකා තානාපති කාර්යාලය ඒ පිළිබඳව ස්තුති කළ ලිපි අපි ගාව තිබෙනවා. එම චෝදනාවෙන් නිදහස් වීමට අපිට එම ලිපි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම හමුදා නිලධාරීන් විසින් සාමාන්‍ය ජනතාව බේරාගත්තු හැටි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්.අහිංසක මිනිස්සු බේරගන්න ගිහින් හමුදා සෙබළුන් මියගිය හැටි අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒපිළිබඳව විදේශීය මාධ්‍ය ආයතන විසින් අපිට ප්‍රශංසා කරපු හැටි ඉදිරිපත් කරන්න පුළුවන්.ඒ සඳහා දැනටමත් අපි සොයාබැලීමක් සිදුකරනවා.
මංගල සමරවීර මානව හිමිකම් සමුළුවට කියා තිබෙන අසත්‍ය කරුණු නිසා තමයි දැන් රණවිරුවන් හිරේට ගන්නේ. මේ විදියට රට පාවා දෙන විදේශ ඇමතිකෙනෙක් ලෝකයේ කිසිම රටක නැතුව ඇති.එයට විරුද්ධව අපි සියලු දෙනා කටයුතු කරන්න ඕන.
අපි මේ ගැන වැඩකරන්න යනවා කියලා දැනගෙන වීසා කැන්සල් කරන්න හදනවා.දැනටමත් ගොඩක් බාධාවන්ට මුහුණු දෙන්න වෙලා.අපගේ ජිනීවා ගමන වළක්වන්න විවිධ බලවේග මේ විදියට ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි කොහොමහරි සමුළුවට යනවා.අපගේ ස්ථාවරය වෙනස් කරන්නෑ.දැනටමත් අපිට ගොඩක් දේවල් නැතිවෙලා තිබෙනවා."යැයි වීරසේකර මහතා පවසා සිටියේය.