ශ්‍රී ලංකාව තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ.සංවිධානය තහනම් කොට තිබීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක් බවට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා පැවසීය.
යාපනයේදී ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
උතුරු පළාත් සභාපතිවරයාගේ කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සභාපතිවරයා,
“ යුද්ධය අවසන් වී වසර අටකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති මෙවැනි මොහොතක එම සංවිධානය තහනම් කොට තිබීම කිසිදු වැදගැම්මක් නැති ක්‍රියාවක්. ඔවුන්ගේ සාමාජිකයන්ද අවි අතහැර දේශපාලනයට පවා පිවිස සිටීම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කිරීම අර්ථ ශුන්‍යයි.
එමෙන්ම එල්.ටී.ටී.ඊ.සංවිධානය අවිආයුධ අතට ගෙන වුවත් අපේක්ෂා කළේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට වන අතර උතුරේ දෙමළ දේශපාලනඥයන් උත්සාහ කරන්නේද එම අයිතිවාසිකම් දිනා ගැනීමටයි.
ඒ නිසා අත්අඩංගුවේ සිටින හා බන්ධනාගාරවල සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගෙන ඔවුන්ද සමාජගත කොට තහනම් කොට ඇති එල්.ටී.ටී.ඊ.තහනම ඉවත් කොට අතීතය අමතක කිරීමට හොඳම කාලය දැන් එළඹ තිබනෙවා.ʼʼ යැයි ද පවසා සිටියේය.