ඉදිරියේදී විදුලි අර්බුදයක් හෝ අභියෝගයක් නොමැති බවත්, LNG (ස්වභාවික ද්‍රවකෘත වායු) බලාගාර 03ක් ඉදිකිරීමට සැලසුම් සකස්කර ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
රුවන්වැල්ලේදී පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, ඉන්දියාව, ජපානය හා චීනය සමග එක්ව එම බලාගාර ඉදිකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
" ජනාධිපතිතුමා නායකත්වය දෙන ජාතික ආර්ථික සභාවෙන් අනුමත වූ මෙම කැබිනට් පත්‍රිකාවේ ආකාරයට ඉන්දියාවෙන් මෙගා වොට් 500ක්, ජපානයෙන් මෙගා වොට් 500ක් සහ චීනයෙන් මෙගා වොට් 400ක් ලබාගත හැකි ස්වභාවික ද්‍රව වායු බලාගාර සෑදීමට අනුමැතිය ලැබුණා. ඊට අමතරව කොරියාව සමග සහසම්බන්ධ වී ස්වභාවික ද්‍රව වායු ඉක්මනින් ලබාගත හැකි සංචිතයක් ඉදිකිරීමේ අනුමැතියත් එම කැබිනට් පත්‍රිකාවෙන්ම ලැබුණා. ඒ වගේම මේ රටට අවශ්‍යවන මිශ්‍ර ජනන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අනුමැතියත් අපි ලබාගත්තා" යැයි පැවසීය.