ඇමති සංශෝධනය මෙන්න
- 1 05 2018
- 10:44
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
යහපාලන රජයේ තවත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද (01දා) ජනපති ලේකම් කාර්යාලයෙදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවෙන ඉවත්වූ කැබිනට් අමාත්‍යවරු 6 දෙනගේ විෂයන් අනෙනක් අමාත්‍යවරුන් වෙතට බෙදාදීම සිදුවූ අතර අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් විෂය පථයන් වෙනස්විය.
එසේම හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාටද යළිත් අමාත්යධුරක් හිමිවීම කැපී පෙනේ. හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතාට අමාත්‍යධුරයක් හිමිවෙනු ඇති බවට වාර්ත පළවුවත් අද දිනයේදී එය සිදු නොවුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබූ අමාත්‍යධුර දෙකක් එක්සත් ජාතික පක්ෂයට හිමිවීම කැපී පෙනේ. එසේම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නව අමාත්‍යාංශ දෙකක් එක්විය.
01- ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය
02- ආචාර්ය සරත් අමුණුගම මහතා - විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය
03- එස්.බී. නාවින්න මහතා - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය
04- මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය
05- දුමින්ද දිසානායක මහතා - වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
06- විජිත් විජියමුණි ද සොයිසා මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය
07- පී. හැරිසන් මහතා - සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
08- කබීර් හෂීම් මහතා - මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
09- රංජිත් මද්දුමබණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය
10- තළතා අතුකෝරළ මහත්මිය - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
11- ෆයිසර් මුස්තාපා මහතා - පළාත් සභා, පළාත් පාලන සහ කී‍්‍රඩා අමාත්‍ය
12- ඞී.එම්. ස්වාමිනාදන් මහතා - නැවත පදිංචිකිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබ`ද අමාත්‍ය
13- සාගල රත්නායක මහතා - තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
14- මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා , සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය
15- දයා ගමගේ මහතා - සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය
16- ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා- තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
17- රවින්ද්‍ර සමරවීර මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
18- විජයදාස රාජපක්ෂ මහතා - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



