එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර නායකයාව සිටි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ට එරෙහිව හෙට (19දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තම පක්ෂය නඩුවක් ගොනු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා 'අද' ට සඳහන් කළේ, කේ.පී සතුව තිබූ වත්කම් පිළිබඳව මෙන්ම ඔහු සිදුකළ අපරාධ පිළිබඳව නීත්‍යනුකූලව පියවර ගැනීම මෙම පැමිණිල්ල ගොනු කිරීමේ අරමුණ බවයි.