එල්.ටී.ටී.ඊ. හිටපු ජාත්‍යන්තර නායක කුමාරන් පද්මනාදන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ඔහට එරෙහිව චෝදනා 193ක් පවතිත බවත් ඒ අනුව කුමාරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ තේරීපත්ව සිටින මන්ත්‍රී විජිත හේරත් රීට් පෙත්සමක් මගින් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එම චෝදනා 193 සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා දැනුම් දුන් අතර තව දුරටත් ඔහු පිළිබඳව පරීක්ෂණ කරන බවද නීතිපතිවරයා පැවැසීය.