සිලාවතුර හා මුල්ලිකුලම් අතර ශ්රී ලංකාවට අයත් මුහුදු ප්රදේශයේ යාත්රා කළ ඉන්දීය යාත්රාවක් පරීක්ෂා කිරීමේ දී කිලෝග්රෑම් 120ක පමණ බරින් යුත් කේරළ ගංජා තොගයක් සමග ඉන්දීය ජාතිකයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
එම ප්රදේශයේදීම මෙම ජාවාරමට සම්බන්ධ ශ්රී ලාංකික පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනීමටත් නාවික හමුදාව සමත්ව ඇත.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික යාත්රාවක් මගින් ඊයේ (4 දා) රාත්රී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
2016 වසර තුළ අවස්ථා 13කදී සිදුකළ සෝදිසි කිරීම් තුළින් කේරළ ගංජා කිලෝග්රෑම් 420ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිව තිබේ.