අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතා තම පක්ෂයේ නායකත්වය උසුලමින් දශක දෙකකට ආසන්න කාලයක් පක්ෂයට සිදුකළ මෙහෙවර කිසිවෙකුටත් අමතක කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
සෝමවංශ අමරසිංහ මහතාගේ වියෝවෙන් පක්ෂය සංවේගයට පත්ව සිටින බවත්, වරෙක වනගත වෙමින් වරෙක සිරගත වෙමින් වරෙක දුෂ්කර කොන්දේසි මත විදේශගත වෙමින් ඉටුකළ කාර්ය උත්තුංග කාර්යක් බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් පසුගිය වසරේ අප්‍රේල් 17 වැනි දින පක්ෂයෙන් ඉවත්වී ජනතා සේවක පක්ෂය පිහිටුවා ගනු ලැබිණි.