ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය යටතේ පවතින ස්වාධීන රූපවාහිනී සේවය, ලක්හඬ ගුවන් විදුලිය, වසන්තම් ටීවී සහ වසන්තම් එෆ්.එම් යන ආයතන 04 න් 03ක්ම පාඩු ලබන බවත්, ඒවා පාඩු ලබන තත්ත්වයෙන් ගොඩගැනීමට කටයුතු කරන බවත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්යක්ෂධුරයට පත් ධනුෂ්ක රාමනායකමහතා පැවසීය.
ඔහු අද (26දා) සිය ධුරයේ වැඩ බාරගත්තේය.
ධනුෂ්ක රාමනායක මහතා තවදුරටත් සඳහන් කළේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයපවතින රජයේ මාධ්‍ය මෙවලමක් බවට පත් නොකොට, ස්වාධීන මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.