සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බක්මහේ අසිරිය විදහා දක්වන අවුරුදු උළෙල මෙවර අති උත්කර්ෂවත් අයුරින් ඇල්පිටිය නියාගම වෘත්තීය පුහුණු ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පවත්වා තිබුණි.
එහි සමාරම්භක දිනය වූ පසුගිය 15දා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් උළෙල ආරම්භ කෙරුණු අතර, මෙවර අයි.ටී.එන්. අවුරුදු කුමරා හා කුමරිය විවෘත තරඟයක් වූ නිසාම එහි තරඟකාරීත්වය වැඩිවී තිබූ බව කියයි. ඒ අනුව, මෙවර තරගයට ඉදිරිපත්වෙමින් ජයග්‍රහණය කළ 2017 අයි.ටී.එන්. අවුරුදු කුමරියට රුපියල් ලක්ෂයේ මුදල් ත්‍යාගයක් පිරිනැමීම අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදුව තිබුණි.
ජන ක්‍රීඩාවලට මුල්තැන දුන් එම අවුරුදු උළෙල 15 සහ 16 වැනිදා දවස් පුරා සංස්කෘතික අංග රැසකින් වර්ණවත් පැවති බවත් කියයි. ජනක්‍රීඩා හා සෑම තරග ඉසව්වක්ම දැකබලා ගනිමින් අමාත්‍යවරයා දෙදින පුරාවටම එම ස්ථානයේ රැඳී සිටිමින් අවශ්‍ය මගපෙන්වීම සිදුකිරීම තුලින් නියාගම ජනතාව ඉතා උද්යෝගීමත්ව තරඟ ඉසව්වල නිරත වූ බවත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.