IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ඉලක්ක කරමින් කැසිපියන් මුහුදේ නැංගුරාම් ලා ඇති සිය යුධ නෞකාවල සිට ක්‍රෑස් මිසයිල ප්‍රහාර එල්ල කළ බව රුසියාව කියයි.
සිරියාවේ, IS ඉස්ලාම් රාජ්‍ය ඉලක්කයට කිලෝමීටර් 1,500ක් දුර සිට රුසියාව විසින් මෙම රොකට් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.
රුසියාවේ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පවසා සිටියේ යුධ නෞකා හතරක සිට ක්‍රෑස් මිසයිල 26ක් IS ඉස්ලාම් රාජ්‍යයේ ඉලක්ක 11ක් වෙත එල්ල කළ බවයි.
මේ අතර, රුසියාවේ ගුවන් ප්‍රහාර ආවරණය යටතේ සිරියානු රජයේ හමුදා ගොඩබිමින්ද එම ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව කියයි.
කෙසේ වෙතත්, තමන් කිසිම අවස්ථාවක IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් නොවන කිසිවෙකු ඉලක්ක නොකළ බවද රුසියාව අවධාරණය කරයි.