සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ප්‍රථම වරට ගොඩබිම් හමුදාවක් යෙදවීමට ඇමෙරිකාව සූදානම් වෙයි.
සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ට එරෙහිව සටන් වදින කැරලි හමුදාවන්ට උපදෙස් හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමේ අරමුණින් විශේෂ කාර්ය බලකායක් මේ සඳහා යොදවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙකු පවසා සිටියේ, උතුරුදිග සිරියාවේ කුර්දි කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශවල සිටින ඉස්ලාම් රාජ්‍ය විරෝධී සටන්කාමීන්ට අවශ්‍ය සහායට මූලික වශයෙන් විශේෂ බලකායේ නිලධාරීන් 50 දෙනෙක් යොදවනු ඇති බවයි.
ඉස්ලාම් රාජ්‍යයට එරෙහි ඇමෙරිකානු බලකඳවුරේ මේ දක්වා වූ වඩාත් තීරණාත්මක යුද උපායමාර්ගය ලෙස මෙම ගොඩබිම් විශේෂ බලකාය යෙදවීම දක්වා තිබේ.
මීට අමතරව, දැනටමත් ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ඉලක්ක කරගෙන සිදුකරන ගුවන් ප්‍රහාර තවදුරටත් සිදුකරන බවත්, ඒ සඳහා තුර්කියේ ඇමෙරිකානු ප්‍රහාරක යානා ස්ථානගත කර ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වයි.