සිරියාවේ ISIS ඉස්ලාම් රාජ්‍යයට අයත් සුන්නි ජිහාඩ් අන්තවාදීන්ගේ අත්අඩංගුවේ සිටි දෙවැනි ජපන් ජාතික ප්‍රාණ ඇපකරුවා වූ කෙන්ජි ගොටෝගේද ගෙල සිඳ ඝාතනය කර ඇති බව අද (01දා) අනාවරණය විය.
ජිහාඩ් අන්තවාදීන් විසින් නිකුත් කළ අලුත්ම වීඩියෝවක් මගින් මෙය අනාවරණය වන අතර, මීට පෙර ඔවුන් අත්අඩංගුවේ සිටි හරුනා යුකාවා නමැති ජපන් ජාතිකයාද ඝාතනය කර තිබුණි.
මෙම ජපන් ජාතිකයා ඉස්ලාමීය අනතවාදීන්ගේ සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා අල්ලාගෙන සිටි අතර, අවසානයේ ඔහු වෙනුවෙන් ලබාදී තිබූ කාලසීමාව අවසානයේදී මෙම ඝාතනය සිදුකර තිබේ.
ඉස්ලාම් රාජ්‍යයේ ඝාතන වැළක් සිදුකරමින් ප්‍රසිද්ධව සිටින ජිහාඩි ජෝන් නැමැත්තා විසින් මෙම ඝාතනයත් සිදුකර ඇති අතර, මෙම ඝාතනය ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය මෙන්ම ප්රංශයද දැඩිව හෙළා දැක තිබේ.