ISIS ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන් භාරයෙ සිටි ජපාන ජාතික ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු ඔවුන් විසින් ඝාතනය කිරීමේ පුවත සැලවීමත් සමග ජපන අගමැතිවරයාට දුරකථනයෙන් කතාකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම, මෙම අවාසනාවන්ත අවස්ථාවේදී ඇමෙරිකාව ජපානය සමග උරෙනුර සිටින බවද ඔබාමා ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩ් අන්තවාදීන් අත සිටි හරුනා යුකාවා ඝාතනයට ලක්ව ඇති බවට ඔවුන් විසින් ඉදිරිපත් කළ වීඩියෝව සත්‍යයක් විය හැකි බව ජපාන අගමැතිවරයා විශ්වාසය පළ කරයි.
ඒ අනුව, ඔවුන් රඳවාගෙන සිටින කෙන්ජි ගෝටෝ නමැති අනෙක් ප්‍රාණ අැපකරුවා නිදහස් කරගැනීම සඳහා සියලු ප්රන්තයන් දරණ බව ජපාන අගමැතිවරයා අවධාරණය කර තිබේ.