ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ අත්අඩංගුවට පත් ජෝර්දාන ගුවන් නියමු ලුතිනන් මොආස් අල් කසාබේ පණ පිටින් පුළුස්සා දමන අතිශය ක්‍රෑර වීඩියෝවක් ජිහාඩ් අන්තවාදීන් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
ඉස්ලාමීය අන්තවාදීන් වට කොට කාන්තාර ප්‍රදේශයක රැඳී සිටින ගුවන් නියමුවා, පසුව යකඩ කූඩුවකට දමා පණ පිටින් පුළුස්සන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.
වඩාත් සංකීර්ණ හා සමීප රූප සමග එම වීඩියෝව පටිගත කර ඇති අතර, එය පළපුරුදු කැමරා ශිල්පියෙකු විසින් සිදුකර ඇති බවද කියැවෙයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී ලුතිනන් මොආස් අල් කසාබේ පියාසර කළ ගුවන් යානය සිරියාවේදී අනතුරට පත් වීමත් සමග ඔහු ඉස්ලාමීය අන්තවාදීන් විසින් අල්ලාගනු ලැබීය.
ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ රාජ්‍යයන් සිදුකරන ගුවන් ප්රහාරයන් අතරුතුර මෙම අනතුර සිදුවිය.
ගුවන් නියමුවාගේ මරණය ස්ථීර ලෙසම සිදු වී ඇති බව සනාථ කරන ජෝර්දාන රජයේ රූපවාහිනිය, මීට මාසයකට පෙර ඔහු මරා දමා ඇති පවසා සිටියි.
සිරකරුවන් හුවමාරු කර ගැනීමක් ඔස්සේ ලුතිනන් අල් කසාබේ නිදහස් කර ගැනීමට ජෝර්දාන රජය උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.
මෙම සිදුවීමත් සමග ජෝර්දානයේ සිටින අල්ඛයිඩා සැකකරුවන් එල්ලා මැරීමටත්, ත්රස්තවාදයට එරෙහි සටන දිගටම සිදුකිරීමටත් ජෝර්දාන රජු ප්‍රතිඥා දී තිබේ.