ISIS ඉස්ලාමීය අන්තවාදීන් මානව හිමිකම් කඩලා - UN
ගෙවීගිය සති නවයක කාලය තුළ සිරියාවේ සහ ඉරාකයේ කොටසක් ආක්‍රමණය කර සිටින ISIS ඉස්ලාමීය අන්තවාදීන් හා ඔවුන් හා සම්බන්ධ ආයුධ සන්නද්ධ කණ්ඩායම් ඉතා දැඩි ලෙස මානව හිමිකම් කඩවීම් සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.
පසුගිය ජූලි 06 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා කාලය තුළ යුද අපරාධ මෙන්ම, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ රැසක් මෙම කලාපය තුළ සිදුව ඇති බව ඔවුන් අවධාරණය කරයි.
එමෙන්ම, මෙම ප්‍රචණ්ඩක්‍රියා ඇතිවීම සම්බන්ධයෙන් ඉරාක ආරක්ෂක අංශ වෙත චෝදනා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ද ඇතැම් ප්‍රචණ්ඩක්‍රියාවන්ට සම්බන්ධ බව කියයි.
සෘජුවම සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, සිවිල් වැසියන් එල්ලා මැරීම හෝ වෙනත් ක්‍රෑර වදහිංසයන් මගින් ඝාතනය කිරීම හෝ දඬුවමට ලක්කිරීම, කාන්තාවන් හා ළමුන් දූෂණය කිරීම හෝ ශාරීරික වද හිංසා පැමිණවීම ආදිය මෙසේ ඉස්ලාමීය රාජ්‍යය තුළ සිදුවන මානව හිමිකම් කඩවීම් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

