ඇමෙරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆෝලේ ගෙල සිඳිමින් මරා දැමුණු අතිශය ක්‍රෑර ක්‍රියාව සමස්ත ලෝකයම තැති ගැන්වූ සිදුවීමක් බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසයි.
ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් ෆෝලේ මරා දැමීමේ වීඩියෝව අන්තර්ජාලයට මුසු කිරීමෙන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ සංකල්පීය ඉස්ලාම් රාජ්‍යය බංකොලොත්බව හා එය සම්පූර්ණයෙන්ම පරාජිත එකක් බව යැයි ඔබාමා වැඩිදුරටත් පවසයි.
ඉස්ලාමීය අන්තවාදීන් කියා සිටියේ ෆෝලේ ගේ මරණය ඇමෙරිකාව සිදුකරන ගුවන් ප්‍රහාරවලට එරෙහිව සිදුකරන පළිගැනීමක් බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය මෙන්ම තවත් රටවල් රැසක් මෙම වීඩියෝව සම්බන්ධයෙන් තමන්ගේ බලවත් පිළිකුල ප්‍රකාශ කොට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ෆිලිප් හැමොන්ඩ් පවසා ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන් බටහිරට යුද ප්‍රකාශ කර ඇති බවත්, මෙය විසඳාගත යුතු ප්‍රශ්නයක් බවත්ය.
එමෙන්ම, ඉරාක හමුදා පුහුණු කිරීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා යෙදවීමක් සම්බන්ධයෙන්ද මේ වනවිට කතාබහක් ඇතිවී තිබේ.