ISIS ඉස්ලාම් අන්තවාදීන්ගේ මහා විනාශයක ඡායාරූප එයි
සිරියාවේ, පැල්මයිරා ඓතිහාසික නගරයේ පෞරාණික හා පූජනීය ස්ථානයක් වූ බාල්ෂමින් ගොඩනැගිල්ල IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් පුපුරුවා හරින ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇත.
යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන පැල්මයිරා නගරය පුපුරුවා හැරීම සඳහා ම්ලේච්ඡ ඉස්ලාමීය අන්තවාදීන් එහි බෝම්බ රැසක් අතුරන ආකාරය මෙන්ම, පසුව සුනුවිසුණු වූ එම ගොඩනැගිල්ලේ දසුන් එම මුදාහල ඡායාරූපවල දක්නට ලැබෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, සංස්කෘතික ඒකකය වන යුනෙස්කෝ සංවිධානය මෙම ම්ලේච්ඡ ක්‍රියාව අතිශය ක්‍රෑර යුධ අපරාධයක් ලෙස අර්ථ ගන්වා ඇත.
යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ඉරීනා බොකෝවා ඉස්ලාමීය අන්තවාදීන්ට චෝදනා නගමින් පවසන්නේ, ඔවුන් සිරියානු ජනතාවගේ ඓතිහාසික උරුමය හා ඔවුන්ගේ අනන්‍යතාව ඉතිහාස පොතින් අකාමකා දැමීමේ උත්සාහයක නිරත වන බවයි.
මෙම බාල්ෂමින් ගොඩනැගිල්ල මීට වසර 2,000කට පමණ පෙර ඉදිකරන ලද්දක් ලෙස සැලකෙන අතර, එය පැල්මයිරා නුවර දැනට ඉතිරි වී ඇති දෙවැනි වඩාත් වැදගත්ම ගොඩනැගිල්ල හඳුනාගෙන තිබේ.
පසුගිය මැයි 21 වැනිදා රෝම යුගයට අයත් ඓතිහාසික පැල්මයිරා නගරය ඉස්ලාම් රාජ්‍යය යටතට පත්වීමෙන් පසුව එම නගරයේ සිදුවූ ප්‍රථම ගොඩනැගිලි විනාශය ලෙස මෙය සැලකෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

