IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් සිරියාවේ යුනිස්කෝ ලෝක උරුම භූමි භාගයක් වූ පැල්මයිරා ආසන්නයේ නගරය අත්පත් කර ගැනීමත් සමග එම ලෝක උරුම භූමිය අවදානමට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ලෝක උරුම භූමි භාගයේ විනාශයක් සිදුවුවහොත්, එය මිනිස් සංහතිය ලබන අති විශාල පාඩුවක් බවත්, එනමුදු, එකී ලෝක උරුම ගොඩනැගිලි හා නටඹුන්වලට මෙතෙක් අනතුරක් සිදුකර ඇති බවට වාර්තා නොලැබෙන බවත් යුනේස්කෝව පවසයි.
කෙසේ වෙතත්, ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් මේ වනවිටත් ඒ ආසන්න ගුවන් තොටුපොළ, සිරමැදිරි සංකීර්ණය හා බුද්ධි අංශ මූලස්ථනයේ බලය තහවුරු කරගෙන ඇති බව සිරියානු මානව හිමිකම් සංවිධානය පවසයි.
ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් මීට පෙර ඉරාකයේ නටඹුන් රැසක් විනාශ කළ අතර, ඒවා ඉරාකය ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්වීමට පෙර පැවති ඓතිහාසික පුරාවස්තු විය.