සිරියාවේ පැල්මයිරා ඓතිහාසික නගරයේ බලය නතුකරගෙන සිටින IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්, එහි පිහිටි බෙල් හාස් පූජනීය ස්ථානය විනාශ කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු කර ඇත.
පැල්මයිරා ඓතිහාසික නගරයේ පිහිටි පෞරාණික ගොඩනැගිලි අතරින් විශාලතම හා වඩාත් කැපීපෙනෙන ඉදිකිරීම මෙම බෙල් පූජනීය ස්ථානය බව කියැවෙයි.
නගරයේ ප්‍රධාන කොටසට එපිටින් පිහිටි මෙම ගොඩනැගිල්ල ඉතා සියුම් කැටයම් රැසකින්ම අලංකාර කර ඇති අතර, ක්‍රි.ව.17 දී ඉදිකළ මෙම නගරයේ පිහිටි ගොඩනැගිලි අතරින් වඩාත් හොඳින් ආරක්ෂා වී තිබූ ගොඩනැගිල්ල ලෙසද මෙය සැලකෙයි.
මෙය පුපුරුවා හැර ඇති බවට ඊයේ වාර්තා වුවද, පසුව එය තවමත් නිරුපද්‍රිතව පවතින බවටද කතා පැවතුණි. නමුත්, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූප එකී අපැහැදිලිතාවන් දුරුකරමින් ම්ලේච්ඡයන් අතින් විනාශ වූ ගොඩනැගිල්ලේ දසුන් ඉදිරිපත් කර තිබුණි.