IS ඉස්ලාම් රාජ්‍යයේ 'ද බුල්ඩෝසර්' නමින් අලුත්ම මනුෂ්‍ය ඝාතකයෙකු කරලියට පැමිණ ඇත.
එම ක්‍රැර සංවිධානයේ වදකයෙකු ලෙස මිනිසුන්ගේ ගෙල සිඳීමේ සිට ඔවුන්ට වද හිංසා පැමිණවීම දක්වා වූ කණ්ඩායමේ පුමුඛ සාමාජිකයෙකු ලෙස මොහු මේ වනවිට හඳුනාගෙන තිබේ.
අධික තරබාරු පුද්ගලයෙකු බව බැලූ බැල්මටම දිස්වන මෙම මනුෂ්‍ය ඝාතකයා එම සංවිධානයේ ජිහාඩි ජෝන් නමැති අන්වර්ථ නාමයෙන් සිටි මොහොමඩ් එම්වාසි ආකාරයෙන්ම සිය මුහුණ ආවරණය කරමින් ඝාතන සිදුකරන්නෙකි.
කෙසේ වෙතත්, ඔහුගේ ශරීරයේ වූ විශාලත්වය සමග ඔහු අත දරණ විශාල කඩුව හිතක් පපුවක් නොමැතිව අහිංසක මිනිසුන්ගේ හිස කඳින් වෙන් කරන බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසා සිටිති.
මේ අතර ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සමග සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළ 14 හැවිරිදි දරුවෙකුගේ දකුණත හා පාදය කපා දැමීමට කටයුතු කර තිබුණේද මෙම බුල්ඩෝසර් නැමැත්තාය.
ඕමාර් නමැති එම දරුවා පවසා ඇත්තේ, ලී කොටයක් මත තමාගේ අත හා පාදය තැබූ ඒ දැවැන්ත ඝාතකයා විශාල කඩුවකින් අතක් හා පාදයක් වෙන්වන ආකාරයට කපා දැමූ බවයි.
මේ ආකාරයෙන්ම තවත් තරුණයන් කිහිප දෙනෙකුගේ ගෙල සිඳ ඝාතනය කිරීමට මෙහු කටයුතු කළ බවත්, එම අවස්ථාව නැරඹීමට ඉරාකයේ බාල මහලු ජනයා වීදිවලට රැස්කර තිබූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.