ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්යක්ෂිකි ක්‍රිස්ටීන් ලැගාඩ් මහත්මියගේ ශ්‍රි ලංකා සංචාරය සැලසුම්කළ පරිදි මේ මාසයේදී සිදු නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් ඇයගේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම්කළ අයුරින් සිදු නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදයේ මාධ්‍ය ප්‍රකාශක ගැරී රයිස් මහතා ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ඉතාමත් ඉක්මනින්ම ක්‍රිස්ටීන් ලැගාඩ් මහත්මිය අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිතාවය වෙනුවෙන් පවත්වාගෙන යන වැඩසහටන් පිළිබඳව විමසා බැලීම සඳහා කළමනාකරණ අධ්‍යක්ෂවරිය මේ මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.