IMF ප්‍රධානී කිස්ටීන් ලෙගාඩ් ප්‍රංශයේ මුදල් ඇමතිනියව සිටියදී සිදුකළ ගනුදෙනුවකදී නොසැලකිල්මත් ආකාරයකින් කටයුතු කර ඇති බවට එරට අධිකරණයක් විසින් තීන්දු කර තිබේ.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා වෙත කිසිදු දඬුවමක් නොපැමිණවීමද විශේෂත්වයකි.
ඇය එරට මුදල් ඇමතිනියව කටයුතු කළ කාලයේදී විවාදයට තුඩුදුන් ආයතනයක් බේරුම්කිරීම සඳහා ඇ.ඩො.මිලියන 429ක මුදලක් බර්නාඩ් තායිපේ නමැති ව්‍යාපාරිකයා වෙත ප්රදානය කිරීමට අනුමැතිය ලබාදී තිබූ බවට මෙම චෝදනාව ගොනුවී තිබුණි.
එහිදී, ලෙගාඩ් මුල සිටම එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර, ඇය කියා සිටියේ තමන් හොඳ චේතනාවෙන් කටයුතු කළ බවයි.
මේ අතර, මෙවර නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඇය ප්‍රංශ උසාවියේ නොසිටි අතර, ඇය ඇමෙරිකාවේ වොෂිංටනය බලා පිටත්ව ගොසි තිබුණි.
කෙසේ වෙතත්, ලෙගාඩ්ගේ නීතීඥයන් පවසා තිබුණේ තමන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.