2014 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනය 3.7% සිට 3.4% දක්වා පහළ දමා තිබේ.
වසරේ මුල් භාගයේ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයේ මන්දගාමී ස්වරූපය මින් නිරූපණය වෙන බව විශ්ලේෂකයෝ පවසති.
එමෙන්ම, තනි තනි ආර්ථික කිහිපයක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයට අනුව සිටි තත්ත්වයෙන් පහළට පැමිණ තිබේ.
මීට අමතරව, 2014 වසරේදී තවත් රටවල් කිහිපයකම ආර්ථිකයන්ගේ වර්ධනයන් පිළිබඳවද පුරෝකථන ඉදිරිපත් කර ඇති අතර, එහිදී බ්‍රිතාන්‍ය ඉදිරියෙන්ම පසුවෙයි.
නමුත්, 2015 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනය 4% හි නොවෙනස්ව පවතී.