HNDA සිසුන්ට තවම වන්දි නෑ
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරයට පහරදීමෙන් තුවාල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කළ වන්දි මුදල් මෙතෙක් ඔවුන් වෙත ලැබී නැතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
ශිෂ්‍යයන්ට පහරදීම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පොලිස් නිලධාරීන් 11 දෙනෙකු වැරදිකරුවන් බවට ප්‍රකාශ කර තිබියදීත් වැඩ තහනමකට ලක්කෙරුණේ එක් පොලිස් නිලධාරියෙකුගේ පමණක් බවත්, මේ නිසා සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන්නැයි ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.
ඉකුත් ඔක්තෝබර් 29 වැනිදා සිදුකළ පහරදීමට විශාල පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වුවද, දඬුවම් ලබා දී තිබෙන්නේ එක් නිලධාරියෙකුට පමණක් බැවින්, ශිෂ්‍යයින්ට සිදු වූ අසාධාරණයට තවමත් සාධාරණයක් ඉටු වී නැතැයිද කැඳවුම්කරු කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

