පොලිස් අත්අඩංගුවට ලක්වු උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන් 39 දෙනා පුද්ගලික හා ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය. විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසම ඉදිරිපිටදී ඊයේ(30) ඔවුන් උද්ඝෝෂණයක යෙදුන අතර අද අධිකරණයට ඉදිරිපත්කළහ. නඩුව ලබන ජනවාරි 8 වැනිදා තෙක් කල් තැබිණි.