තම අධ්‍යාපන අයිතීන් දිනාගැනීම සඳහා එච්.එන්.ඩී.ඒ. ශිෂ්‍යයන් සිදුකළ සාමකාමී උද්ඝෝෂණයට හිතුවක්කාරී මර්දනකාරී මෘග ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ආණ්ඩුව පෙන්නුම් කරන්නේ ප්රජාතන්ත්රවාදය හකුළමින් මර්දනයක් දියත් කිරීමද යන සැකය මතුවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ඊයේ (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කර එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අවකාශ හකුලමින් ආණ්ඩුව ගෙනයාමට උත්සාහ කරන මෙම කටයුත්ත නවතා දැමීමට සියලු දෙනාම පෙළගැසිය යුතු බවයි.