උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ ශිෂ්‍යයන් පසුගිය 29 වැනි දින සිදුකළ උද්ඝෝෂණයට පොලීසිය විසින් සිදුකළ පහරදීම පිළිබඳව සොයාබැලීමට ජාතික පොලිස් කොමිසම තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.
පරිපාලන නිලධාරීන් තිදෙනෙකු ඇතුළත් කර මෙම කමිටුව පත්කිරීමට සැලසුම් කර තිබෙන අතර, එම කමිටුව හරහා අදාළ සිද්ධිය විමර්ශනය කිරීමටද නියමිතය.