තම මවට HIV ආසාදන තත්ත්වයක් වැළදීම හේතුවෙන් සිය පාසලේ ගැටලුවකට ලක්ව ඇති ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවිය රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හමුවී තිබේ.
අමාත්‍යවරයා පවසන්නේ "මේ දරුවා නොකළ වරදකට ඇයට කරදර කරන්නේ ඇයි ? ඇයගේ පවුලේ කෙනෙකුට යම් අසනීපයක් තිබුණා කියා ඇයට එය බෝවෙන්නේ නැහැ, මේ අය දුක් විඳින්නේ ඔවුන් නොකළ වරදකට සුළඟින් බො නොවෙයි,වැළඳ ගැනීමෙන් බො නොවෙයි" යනුවෙනි.
ඇයව පාසලට රැගෙන යෑමට විරෝධය දක්වමින් තවත් දෙමාපියන් පිරිසක් පාසල ඉදිරිපිට විරෝධතාවකද නිරත විය.
මෙම දැරිවිය ඉගෙනීමට දක්ෂ අතරම ඇය පංතියේ පළමුවැනියාද වෙයි. ඇය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලියූ ලිපියක්ද මේ වන විට සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.