මේ වසරේ පළමු මාස 03ක කාලය තුළදී එච්.අයි.වී. ආසාදිතයන් 73 දෙනෙකු හමුවී තිබෙන බවත්, පසුගිය වසරේ පළමු මාස තුන තුළ වාර්තා වී තිබෙන්නේ ආසාධිතයින් 66 දෙනෙකු පමණක් බවත් ජාතික ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.
මේ වනවිට සමස්ත එච්.අයි.වී. රෝගීන්ගේ ප්රමාණය 2,630ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එම පිරිසෙන් 664 දෙනෙකු ඒඩ්ස් තත්ත්වයට පත්වී තිබෙන බවත් අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ වනවිට 425 දෙනෙකු මියගොස් තිබෙන බවත්, ගෙවීගිය මාස 03ක කාලය තුළදී පමණක් 07 දෙනෙකු මියගොස් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.