ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමට විරෝධය දක්වමින් යුරෝපා පාර්ලිමේන්තුවේ සමාජිකයන් කිහිප දෙනෙකු යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමග ඒ හා පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා බෙල්ජියමට ගොස් තිබේ.
ඊයේ (24දා) අමාත්‍යවරයා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ළඟා වී තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු ගැටලු කිහිපයක් පවතින බැවින් ශ්‍රී ලංකාවට නැවතත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමට විරුද්ධ බව ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වෙයි.
එය ඉදිරි දින කිහිපයේදී විවාදයට ගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය එළැඹෙන මැයි මාසයේදි හෝ ජුනි මාසයේදී ලැබීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් එවැනි අවස්ථාවකදී යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව 376ට වඩා වැඩි සාමාජික ඡන්දයකින් සම්මත වුවහොත් එම සහනය නැවතත් ශ්‍රී ලංකාවට නොලැබීමට ඉඩක් තිබේ.