ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු මේ වනවිට සකස් කර ඇති බවත්, ඊට පෙර මත්ස්‍ය අපනයනය සඳහා අවශ්‍ය කටයුතු කරදෙන බවට යුරෝපා සංගමයේ ජත්‍යන්තර සම්බන්ධතා සහ සංවර්ධන කොමසාරිස් නෙවින්මිමිකා මහතා පොරොන්දු වූ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර සම්බන්ධතා සහ සංවර්ධන කොමසාරිස්වරයා සමග රටට ලබාදෙන සහන පිළිබඳව තමා සාකච්ඡා පැවැත්වූ බවත්,එම සාකච්ඡාවලට අනුව ඉදිරි කාලයේදී යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහන දෙගුණ කිරීමට තීරණය කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.