ජී.එස්.පී බදු සහනය මෙරටට ලබාගැනීම සඳහා යුරෝපා සංගමයට ඉදිරිපත් කරන අවසාන අයදුම්පත දෙසැම්බර් මස තුන්වැනි සතියේදී යුරෝපා සංගමයට බාරදෙන බව විදේශීය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
දෙසැම්බර් මාසයේදී අයදුම්පත යොමු කිරීමෙන් පසු ලබන වසරේ මැද භාගයේදී ජී.එස්.පී බදු සහනය ලැබීමට නියමිත බවද පවසා සිටියේය.
ජී.එස්.පී බදු සහනය අහිමි වීමට ප්‍රධාන හේතුවක් වී තිබුණේ මානව හිමිකම් ප්රශ්නය බවත්, ජිනීවා නුවරදී ඔක්තෝබර් පළමු වැනිදා ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙකු ලෙස සම්මත කරගත් යෝජනාවට අනුව යුරෝපා සංගමයට මෙරටට ජී.එස්.පී සහනය ලබාගැනීමේ යෝජනාව ඉදිරිපත් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව දෙසැම්බර් මාසයේ පළමු සතියේදී යුරෝපා සංගමය සමග ජී.එස්.පී සහනය ලබාගැනීම පිළිබඳ අවසාන සාකච්ඡාව පවත්වන බවද පවසා සිටියේය.
ඉන්පසුව විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, සංවර්ධන ක්‍රම උපාය අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, ආයෝජන මණ්ඩලය එක්ව අවසන් අයදුම්පත්‍රය සකස් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.