මුලින් සිය නම වෙනස් කළ ගූගල් සමාගම, සිය සමාගම් සන්නාමය වෙනස් කිරීම ඊයේ (01දා) නිල වශයෙන් සිදු කළේය.
ඒ අනුව, 1999 දී හඳුන්වාදුන් ගූගල් සමාගමේ පැරණි සන්නාමය, නව sans-serif අකුරු මෝස්තරයකින් ඉදිරිපත් කර ඇති අතර, එය වර්ණ හතරකින් යුතු සන්නාමයක් ලෙස ඉදිරිපත් කර ඇත.
ගූගල් සමාගම පෙන්වා දෙන්නේ ඉදිරියේදී සිය සමාගමේ සියලු නිෂ්පාදනවල මෙම නව සන්නාමය දැකගත හැකි වනු ඇති බවයි.
ගූගල් වෙබ් අඩවියේ මුල් පිටුවද මෙම සන්නාම වෙනස පරිගණක සජීවීකරණයක් හරහා ඉදිරිපත් කර ඇති ආකාරය දැකගත හැකි විය. පැරණි සන්නාමය මකා දමමින් අලුත් සන්නාමය මුල් පිටුවේ අඳින ආකාරයෙන් එම සජීවීකරණය දැක්විණි.
"පසුගිය වසර 17ක කාලය තුළ ගූගල් සමාගමේ පැහැදිලි වෙනසක් සිදුවුණා. සමාගමේ විවිධ නිෂ්පාදනවල සිට ඒවායේ පෙනුමේ සිට ඒවා පාරිභෝගිකයන්ට දැනෙන ආකාරය දක්වා ඒ වෙනස දැකිය හැකියි. ඒ අනුව, අද දිනයේ අප ඒ වෙනස තවත් වෙනස් කරනවා" යැයි ගූගල් සමාගම පවසයි.