සෑම ආපන ශාලාවක් සඳහා ම මේ වසරේ ජනවාරි මස 01 වැනි දින සිට ආපන ශාලා සඳහා වූ යහපත් නිපැයුම් පරිචයන් (GMP) සහතික අනිවාර්ය වුවත් මෙතෙක් එම සහතිකය ලබාගෙන තිබෙන්නේ ආයතන 20 ක් පමණක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
ආපන ශාලාවලින් ආහාර ලබාගන්නා ජනතාව පාසල් ශිෂ්‍යයන්, රාජ්‍ය, පෞද්ගලික අංශ සේවකයන් හෝ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා මෙම නීතිය ක්‍රියාත්මක බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
නීතිය ක්‍රියාත්මක වී මාස දෙකකට අධික කාලයක් ගත වී තිබුණත් ආපන ශාලා එම සහතිකය ලබාගැනීමට උනන්දු නොවන නිසා එම නීතිය උල්ලංඝනය කර කටයුතු කරන අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට බලධාරීන්ගෙන් උපදෙස් ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලා සිටි බවද පවසා සිටියේය.