සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා පළාත් මට්ටමින් සිදුකරන වෛද්‍ය වැඩවර්ජනය අනුව හෙට (03දා) බස්නාහිර පළාත් රෝහල් තුළ වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ එම පළාතට අයත් සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයන් දියත් කරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මෙම වෛද්‍ය වැඩවර්ජනයේ අවසාන පළාත මෙය බවත්, මීට සමගාමීව හෙට සවස කොළඹදී විරෝධතා රැළියක් පවත්වන බවද හෙතෙම පවසා සිටියේය.