සයිටම් ආයතනය වසා දමන ලෙස ආණ්ඩුව බලකරමින් පළාත් මට්ටමින් සිදුකරන වෛද්‍ය වැඩවර්ජනයට අනුව හෙට (02දා) දිනයේදී උතුරු පළාත් රෝහල් තුළ වැඩවර්ජනය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළදී වෛද්‍යවරුන් රාජකාරියෙන් ඉවත්ව සිටිමින් මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මීට සමගාමීව සයිටම් විරෝධී සියලුම බලවේග ඒකරාශී කරගෙන හෙට සවස වවුනියාව නගරයේදී විරෝධතා රැළියක් පවත්වන බවද හෙතෙ පවසා සිටියේය.