රට පුරා රෝහල් තුළ සිදුකරන වැඩවර්ජනය හෙට (01දා) උදේ 8.00 ට තාවකාලිකව නවතා දමන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඉන් පසුව සංගමයේ විධායක කමිටුව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවත්, සිදුකළ ක්‍රියාමාර්ගයට නිසි ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකර හෝ ගැටලු විසඳා ගන්නා බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පැවසීය.
අයවැය තුළින් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට හා පාසල් සෞඛ්‍ය සේවාවට රක්ෂණයක් හඳුන්වා පාසල් සෞඛ්‍ය සේවා අඩාල කිරීමට යෝජනා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද උදේ 8.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත්කර තිබේ.