රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද උදෑසන 8.00ට සිට ආරම්භ කරන ලද පැය 24ක වැඩ වර්ජනය පස්වරු 1.00ට අවසන් කිරීමට එම සංගමය කටයුතු කළේය.
ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා වූ මාධ්‍ය හමුවක් අද (30දා) දහවලදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කැඳවා තිබූ අතර, එහිදී එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ඉල්ලා සිටි සෞඛ්‍ය සේවාවට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිලි උවමනාවෙන් මැදිහත් වී ඒවා විසඳීමට එකඟ වීම හේතුවෙන් වර්ජනය නැවැත්වීමට කටයුතු කළ බවයි.
එසේම පස්වරු 1.00ට පෙර වර්ජනය අවසන් කිරීමට තම සංවිධානය තීරණය කළද සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් එය පස්වරු 1.00 දක්වා ප්‍රමාද කිරීමට සිදුවූ බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.