සෞඛ්‍ය අමාත්‍යවරයා නූතන සේනක බිබිලේ යැයි කියා ගත්තද රටපුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ඖෂධ අතර මේ දිගට ශීඝ්‍ර ලෙස ව්‍යාප්තවන H1N1රෝගය සඳහා රෝගීන්ට ලබාදිය යුතුවන ටැමිෆ්ලු නම් ඖෂධයද පවතින බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය ඇමැතිවරයා ජනතාවගේ සෞඛ්‍යය සුරක්ෂිත නොකළත් සයිටම් ආයතනය රැක ගැනීමට කටයුතු කරන බවත් මේ නිසා සෞඛ්‍ය අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගත යුතු බවද ඒ මහතා පවසා සිටියේය.