දේශපාලන අවශ්‍යතා මත සකස් කර තිබෙනා පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ නැති ප්‍රශ්නයක් ඇතිකර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ මස 05 වන දින වන විට එය නිවැරදි නොකළහොත් 06 වන දින සමස්ත ලංකාවේම රෝහල්වල වැඩවර්ජනයක් දියත් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේය.
මාරු මණ්ඩල රැස් නොවී එක් නිලධාරියෙකුගේ අවශ්‍යතාවය මත සකස් කළ පත්වීම් ලේඛනය නිසා ග්‍රාමීය රෝහල්වලට විශාල වෛද්‍ය හිඟයක් ඇතිවන බවත්, මේ නිසා මෙම ලේඛනය වහාම අවලංගු කළයුතු බවද අද (02දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.