තොරතුරු තාක්ෂණ විෂය ගැන කතාකිරීමට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට ඇත්තේ කුමන අයිතියක්දැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල සිය කාර්යාලයේදි අද (19දා) පැවැති මාධ්‍ය හමුවකදි පැවැසීය.
“ජී.එම්.ඕ.ඒ. එකේ වෛද්‍යවරු රෝහල් වල සිටින රෝගීන්ට ප්‍රතිකාර කරනු වෙනුවට වේදිකාගානේ නගිමින් සීපා ගිවිසුම ගැන කතා කරමින් රාජපක්ෂ න්‍යාය පත්‍රය ක්‍රායාත්මක කරමින් සිටිනවා. පාදෙනියලා වැනි දොස්තරලා ලංකාවේ තුල රෝගීන් උගස ට තියාගෙන කරන ඡඩ වැඩේට විරුද්ධව මේ රටේ ඡනතාව හඩක් නැගිය යුතුයි”