ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් රජය සමග සිදු කරන සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට නොලැබෙන බවද ඒහෙතුවෙන් ගිවිසුම සම්බන්ධයෙන් රජය සමග පවත්වන සාකච්ඡාවලින් ඉවත් වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය. එට්කා ගිවිසුම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී ඇති වූ එකඟතාවන් පවා නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමට රජය කටයුතු කර නොමැති බවටද වෛද්‍ය නලින්ද හේරත් මහතා වැඩිදුරටත් කීය.