රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රතිපත්තිමය තීරණවල සිටිමින් කටයුතු කිරීම නිසා වැසීගොස් තිබූ පර්යන්ත රෝහල් 260 ක ප්‍රමාණයෙන් රෝහල් 220ක් විවෘත කිරීමට හැකියාව ලැබූ බව එම සංගමය සඳහන් කරයි. ඉතිරි රෝහල් 40 ක ප්‍රමාණයෙන් රෝහල් 30 ක් පමණ නැවත විවෘත කිරීමේ හැකියාව පවතින බවත්, එම රෝහල් විවෘත කිරීමට අවශ්‍ය මැදිහත්වීමක් සිදුකරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා අද (20දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සංගමය කොතරම් මැදිහත්වීම් සිදුකළත් වෛද්‍යවරුන් කිහිපදෙනෙකු එක්ව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවලාද නගන බවද ඔහු පවසා සිටියේය.