සයිටම් ආයතනයට පක්ෂව කටයුතු කළ හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා ජනතාව විසින් ගෙදර යැවූ බවත්, එහෙත් එම ආයතනයට විරුද්ධ වූ එවකට සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ නායකයා වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා සයිටම් ආයතනයට පක්ෂව කටයුතු කරන සෞඛ්‍ය ඇමතිවරයාත්, උසස් අධ්‍යාපන ඇමතිවරයාත් මේ බව දැනගෙන කටයුතු කළ යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා සඳහන් කළේය.
සයිටම් ආයතන සම්බන්ධයෙන් රට තුළ දැඩි විරෝධයක් එල්ලවී තිබියදීත් සෞඛ්‍ය ඇමතිවරයා පවුලේ න්‍යාය ක්‍රියාත්මක කරමින් සිටින බවත්, උසස් අධ්‍යාපන ඇමතිවරයා මහාමාර්ග අමාත්‍ය ධුරයේ වගකීම කරන බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
සයිටම් ආයතනය පිළිබඳව කතා කරන එස්.බී. දිසානායක අමාත්‍යවරයාට මන්ත්‍රීවරයෙකු වීමට ජනවරමක් ලබානොදුන් බවත්, ඔහුට ඇමතිකම හිමිවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය නිසා බවද ඒ මහතා පවසා සිටියේය.