රෝගීන් වෙනුවෙන් පෙනී සිටීමට ගොස් තම සංගමයට හානිවීමට කිසිසේත් ඉඩනොතබන බවත්, සභාපතිවරයාට හෝ ලේකම්වරයාට කුමනහෝ බලපෑමක් ඇතිවුවහොත් රජයට පාඩුසිදුවිය හැකිබවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවින්ද සොයිසා මහතා පැවසීය. අද(15දා) සිය සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍යහමුවකදී හෙතෙම මේබව පැවසීය. සිය සංගමය 2012 වසරේදී මුද්‍රණය කළ පොතක මුද්‍රණ දෝෂ යැයි පවසමින් රහස් පොලීසිය සංගමයේ නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක්කර ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වෙනත් වැඩ නොමැතිනම් මෙවැනි දේ සිදුකළාට ගැටලුවක් නොමැති බවත් නවින්ද සොයිසා මහතා කීය.